ඉන්දීය ජාතික රාහුල් ෂර්මා ලෝක වාර්තාවක් පිහිටුවීමට සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝ මීටර් 573ක දුරක් දින හයක් තුළ දිවගොස් ලෝක වාර්තාවක් පිහිටුවීම ඔහුගේ අරමුණයි.
ඒ, සඳහා ඔහු අද (21) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.
අද (21) පස්වරු 3.00ට මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2276 දරණ ගුවන් යානයෙන් ඔහු සිය මව ද සමඟ දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
ඉන්දියාවේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රාහුල් ෂර්මා ලෝක වාර්තාව පිහිටුවීම සඳහා, ලබන 24 වනදා අලුයම හතරට පේදුරුතුඩුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
4
+1
1
+1
1
+1
1
+1
1




