ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්ව ගිය එංගලන්ත රූ රැජිණගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයෙන් එංගලන්ත රූ රැජිණ වූ මිලා මාගී ඉවත් වුණා.

24 හැවිරිදි ඇය මෙම තරගයෙන් ඉවත්ව පසුගිය 16 වනදා එක්සත් රාජධානියට ආපසු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේ එංගලන්ත රූ රැජින වූ මිලා මාගී මෙවර ලෝක රූ රැජින තරගයෙන් ඉවත්ව සංවිධායකයන්ට චෝදනා කළේ; තරගයට ඉදිරිපත්ව සිටින තරගකාරියන් ධනවත් පිරිමි අනුග්‍රාහකයන්ට විනෝදාස්වාදයක් සපයන්නියන් ලෙස සූරාකෑමට ලක්කරන බවයි.

ද සන් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඇය ඉවත් වීමට තීරණය කිරීමට හේතුව විවෘතව මෙලෙස ප්‍රකාශකර ඇති අතර, සංවිධායකයින් ඇයව සූරාකමින් ඇයට ‘ගණිකාවක්’ ලෙස හැඟෙන බව ඇයට හැඟුණු බවයි පවසා ඇත්තේ.

තරඟකාරියන් සෑම විටම වේශ නිරූපණය කළ යුතු බවත්, ආහාර ගැනීමට පැමිණීමේ දී පවා විධිමත් ඇඳුමින් සැරසී සිටිය යුතු බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මිලා මාගී පවසා ඇත්තේ අනුග්‍රාහකයින්ට ස්තුති කිරීමේ පියවරක් ලෙස මැදිවියේ පිරිමින්ට සංග්‍රහ කරන ලෙසට සංවිධායකයින් තරගකාරියන්ගෙන් ඉල්ලා සිටි බවයි.

අමුත්තන් හයදෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම තරුණියන් දෙදෙනෙකු බවත්, එය ගණිකාවක් ලෙස හැඟෙන්නට සැලැස් වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මුළු සවස් කාලය පුරාම ඔවුන් සමඟ වාඩි වී ස්තූති කිරීමක් ලෙස ඔවුන්ට සංග්‍රහ කිරීමට සංවිධායකින් අපේක්ෂා කල බවයි මිලා මාගී පවසා ඇත්තේ.

මේ අතර මිලා මාගී ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්වීමෙන් පසු එංගලන්ත රූ රැජිණ තරගයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට්, තරගය සඳහා කැඳවා තිබෙනවා.

ඒ, අනුව තරගයේ එංගලන්තය නියෝජනය දිගටම කරගෙන යන බවයි ලෝක රූ රැජිණ සංවිධානයේ නියෝජිතයෙකු තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
38
+1
104
+1
74
+1
167
+1
20
+1
101
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?