ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්ව ගිය එංගලන්ත රූ රැජිණගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයෙන් එංගලන්ත රූ රැජිණ වූ මිලා මාගී ඉවත් වුණා.

24 හැවිරිදි ඇය මෙම තරගයෙන් ඉවත්ව පසුගිය 16 වනදා එක්සත් රාජධානියට ආපසු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේ එංගලන්ත රූ රැජින වූ මිලා මාගී මෙවර ලෝක රූ රැජින තරගයෙන් ඉවත්ව සංවිධායකයන්ට චෝදනා කළේ; තරගයට ඉදිරිපත්ව සිටින තරගකාරියන් ධනවත් පිරිමි අනුග්‍රාහකයන්ට විනෝදාස්වාදයක් සපයන්නියන් ලෙස සූරාකෑමට ලක්කරන බවයි.

ද සන් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඇය ඉවත් වීමට තීරණය කිරීමට හේතුව විවෘතව මෙලෙස ප්‍රකාශකර ඇති අතර, සංවිධායකයින් ඇයව සූරාකමින් ඇයට ‘ගණිකාවක්’ ලෙස හැඟෙන බව ඇයට හැඟුණු බවයි පවසා ඇත්තේ.

තරඟකාරියන් සෑම විටම වේශ නිරූපණය කළ යුතු බවත්, ආහාර ගැනීමට පැමිණීමේ දී පවා විධිමත් ඇඳුමින් සැරසී සිටිය යුතු බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මිලා මාගී පවසා ඇත්තේ අනුග්‍රාහකයින්ට ස්තුති කිරීමේ පියවරක් ලෙස මැදිවියේ පිරිමින්ට සංග්‍රහ කරන ලෙසට සංවිධායකයින් තරගකාරියන්ගෙන් ඉල්ලා සිටි බවයි.

අමුත්තන් හයදෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම තරුණියන් දෙදෙනෙකු බවත්, එය ගණිකාවක් ලෙස හැඟෙන්නට සැලැස් වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මුළු සවස් කාලය පුරාම ඔවුන් සමඟ වාඩි වී ස්තූති කිරීමක් ලෙස ඔවුන්ට සංග්‍රහ කිරීමට සංවිධායකින් අපේක්ෂා කල බවයි මිලා මාගී පවසා ඇත්තේ.

මේ අතර මිලා මාගී ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්වීමෙන් පසු එංගලන්ත රූ රැජිණ තරගයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට්, තරගය සඳහා කැඳවා තිබෙනවා.

ඒ, අනුව තරගයේ එංගලන්තය නියෝජනය දිගටම කරගෙන යන බවයි ලෝක රූ රැජිණ සංවිධානයේ නියෝජිතයෙකු තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
38
+1
104
+1
74
+1
167
+1
20
+1
101
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34