මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගයෙන් එංගලන්ත රූ රැජිණ වූ මිලා මාගී ඉවත් වුණා.
24 හැවිරිදි ඇය මෙම තරගයෙන් ඉවත්ව පසුගිය 16 වනදා එක්සත් රාජධානියට ආපසු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2024 වසරේ එංගලන්ත රූ රැජින වූ මිලා මාගී මෙවර ලෝක රූ රැජින තරගයෙන් ඉවත්ව සංවිධායකයන්ට චෝදනා කළේ; තරගයට ඉදිරිපත්ව සිටින තරගකාරියන් ධනවත් පිරිමි අනුග්‍රාහකයන්ට විනෝදාස්වාදයක් සපයන්නියන් ලෙස සූරාකෑමට ලක්කරන බවයි.
ද සන් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඇය ඉවත් වීමට තීරණය කිරීමට හේතුව විවෘතව මෙලෙස ප්‍රකාශකර ඇති අතර, සංවිධායකයින් ඇයව සූරාකමින් ඇයට ‘ගණිකාවක්’ ලෙස හැඟෙන බව ඇයට හැඟුණු බවයි පවසා ඇත්තේ.
තරඟකාරියන් සෑම විටම වේශ නිරූපණය කළ යුතු බවත්, ආහාර ගැනීමට පැමිණීමේ දී පවා විධිමත් ඇඳුමින් සැරසී සිටිය යුතු බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් මිලා මාගී පවසා ඇත්තේ අනුග්‍රාහකයින්ට ස්තුති කිරීමේ පියවරක් ලෙස මැදිවියේ පිරිමින්ට සංග්‍රහ කරන ලෙසට සංවිධායකයින් තරගකාරියන්ගෙන් ඉල්ලා සිටි බවයි.
අමුත්තන් හයදෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම තරුණියන් දෙදෙනෙකු බවත්, එය ගණිකාවක් ලෙස හැඟෙන්නට සැලැස් වූ බවත් ඇය සඳහන් කර තිබෙනවා.
මුළු සවස් කාලය පුරාම ඔවුන් සමඟ වාඩි වී ස්තූති කිරීමක් ලෙස ඔවුන්ට සංග්‍රහ කිරීමට සංවිධායකින් අපේක්ෂා කල බවයි මිලා මාගී පවසා ඇත්තේ.
මේ අතර මිලා මාගී ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත්වීමෙන් පසු එංගලන්ත රූ රැජිණ තරගයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට්, තරගය සඳහා කැඳවා තිබෙනවා.
ඒ, අනුව තරගයේ එංගලන්තය නියෝජනය දිගටම කරගෙන යන බවයි ලෝක රූ රැජිණ සංවිධානයේ නියෝජිතයෙකු තහවුරු කර ඇත්තේ.














ඉතින් ගොට්ට අල්ලනඅය දිනවා
එතකොට ඒක ගොටිට අල්ලන්ගේ තරගයක් වෙනවනේ. පිලිගන්න බරි චෝදනාවක්.
gobbayat therenne uba wage .me geni monawada kiyanne kiyala.. Asian cheap ratak meka organiser karala thiyenne..
Yes this is absolutely true
What ever it is for the Indian involvement its getting ended up with huge corruption. destroying the whole image of the event as well.classic EX– T20 match fixing cricket & Indian matches with other countries.😡😡😡
Couldn’t say that Indian judges are not favoring the contestors.