ලෝක රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වීමට දින කිහිපයක් තිබියදී අගනුවරක බෝම්බ පිපිරුමක්

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (13) මෙම ප්‍රහාරය සිදු වූ අතර ඉන් එක් අයෙකු මියගිය බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පිපිරීම් දෙකක් සිදු ව තිබෙනවා.

බ්‍රසීල ආරක්ෂක අංශ නිවේදනය කළේ අධිකරණ කාර්‍යය මණ්ඩලය ප්‍රවේසම්සහගතව පිපීරීම් සිදුවුණ අධිකරණයෙන් භූමියෙන් ඉවත් කළ බවයි.

මෙහි පළමු පිපිරුම රාත්‍රී 7.30ට පමණ මෝටර් රථයක් තුළින් සිදු ව තිබෙනවා.

දෙවැනි පිපිරුම එරට අගනුවර වන අධිකරණ පද්ධතියේ කොංග්‍රසය අසල වීදියක දී සිදු වුණා.

ෆෙඩරල් දිස්ත්‍රික්කයේ උප ආණ්ඩුකාර Celina Leão ප්‍රකාශ කර ඇත්තේ සැකකරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් එය නොහැකි වූ බවත් එහි දී දෙවැනි බෝම්බය අධිකරණයෙන් පිටත දී පිපිරී ගොස් ඇති බවයි.

පිපිරීම් හේතුවෙන් අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කර එම සංකීර්ණය වසා දමා තිබෙනවා.

රියෝ ද ජැනයිරෝ හි 20 (G20) ප්‍රධාන ආර්ථිකයන් සඳහා ගෝලීය නායකයින් සඳහා සත්කාරකත්වය සැපයීමට බ්‍රසීලය සූදානම් වීමට දින පහකට පෙර මෙම සිදුවීම සිදු වීම ද කාගෙත් අවධානයට ලක් වූ කරුණක්.

චීන නායක ෂී ජින්පින් නොවැම්බර් 20 වැනිදා බ්‍රසීලයේ රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40