ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව දිවයිනට (ඡායාරූප)

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකා ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සිසුවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය රටවල් 75ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය 14 වනදා සිට ඊයේ දින දක්වා ඊජිප්තුවේ දී පැවැත්වුණා.

ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

රන් පදක්කම් දිනූ සිසුවිය අද උදෑසන 09.05ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක්, ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34