ලෝක කුසලානයට සහභාගී වීමට බංගලදේශ ක්‍රීඩිකාවන් දිවයිනට

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සදහා සහභාගී වීමට පළමු කණ්ඩායම ලෙස බංගලදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (23) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්වය නිසා මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් ශ්‍රී ලංකාවේ , ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

බංගලදේශයට අමතරව පකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් ක්‍රීඩිකාවන් එම තරග සඳහා සහභාගී වීමට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියේ මෙරට පවත්වන පළමු තරගය එළඹෙන 02 වැනිදා බංගලදේශ සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙසේ පැමිණි බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමට අමතරව අද දින සවස 06.30 ට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ රාත්‍රී 10.50 ට පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?