ලෝක කුසලානයට සහභාගී වීමට බංගලදේශ ක්‍රීඩිකාවන් දිවයිනට

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සදහා සහභාගී වීමට පළමු කණ්ඩායම ලෙස බංගලදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (23) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින මතභේදාත්මක තත්වය නිසා මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් ශ්‍රී ලංකාවේ , ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

බංගලදේශයට අමතරව පකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ක්‍රිකට් ක්‍රීඩිකාවන් එම තරග සඳහා සහභාගී වීමට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියේ මෙරට පවත්වන පළමු තරගය එළඹෙන 02 වැනිදා බංගලදේශ සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙසේ පැමිණි බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමට අමතරව අද දින සවස 06.30 ට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ රාත්‍රී 10.50 ට පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31