ලෝක කැරම් අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ඇමරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී අනුශූරතාව දිනාගත ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) පස්වරුවේ දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙවර තරගාවලිය ඇමරිකාවේ කැලිෆෝනියාවේ දී ලෝකයේ රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 10 වනදා සිට 18 වනදා දක්වා පැවැත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (23) පස්වරු 06.25ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

2010 වසරේ සිට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතාවලට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂයිඩ් හිල්මි, අනාස් අහමඩ්, හිරුෂි මල්ෂානි, තරුෂි හිමහංසිකා කාන්තා සහ පිරිමි යුගළ තරගවලදී ලෝකඩ පදක්කම් දින ගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?