ලෝක කැරම් අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ඇමරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී අනුශූරතාව දිනාගත ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) පස්වරුවේ දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙවර තරගාවලිය ඇමරිකාවේ කැලිෆෝනියාවේ දී ලෝකයේ රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 10 වනදා සිට 18 වනදා දක්වා පැවැත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (23) පස්වරු 06.25ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලධාරීන් , ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

2010 වසරේ සිට ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට ජාතික පුහුණුකරුවෙකු නොමැති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මහත් අසීරුතාවලට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ නායිකා යොෂිටා ජෝශප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂයිඩ් හිල්මි, අනාස් අහමඩ්, හිරුෂි මල්ෂානි, තරුෂි හිමහංසිකා කාන්තා සහ පිරිමි යුගළ තරගවලදී ලෝකඩ පදක්කම් දින ගැනීමට සමත්වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56