AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයටම කොරෝනා බෝ කළ වූහාන්වලින් අලුතෙන් කොරෝනා මතු වෙයි

චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් ‘කොවිඩ් 19 ඩෙල්ටා’ ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
2019 දෙසැම්බරයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වුණු චීනයේ වූහාන් නුවරින් ද මේ වනවිට ‘ඩෙල්ටා’ ආසාදිතයන් අට දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙනවා.

පසුගිය සඳුදුා (2) දිනයේ පමණක් චීනයෙන් දේශීයව හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් ගණන 55 ක් යැයි පැවැසෙයි. වූහාන් නුවර වයිරස ව්‍යාප්තියට හේතුව සංක්‍රමණික සේවකයන් පිරිසක් බවත්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් බවත් සිදු කළ විමර්ශනවලිවන් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා ඇති අතර, මිලියන ගණනක් චීන වැසියෝ මේ වනවිට එම නගර සහ පළාත්වල කොටුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ලොක්ඩවුන් කෙරුණු නගරවල සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර තිබෙනවා

චීනයේ ‘ඩෙල්ටා’ ව්‍යාප්තිය ආරම්භ වූයේ නැංජිංග් නගරයේ ගුවන්තොටුපොළකින් බවත් මුල්ම ඩෙල්ටා ආසාදිත කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ගුවන්තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් පිරිසකාගෙන් බවත් සඳහන්.

නැංජිංග් නගරයෙන් ව්‍යාප්ත වුණු ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙන් මේ වනවිට, දින 10 ක් ඇතුළත චීනයෙන් වාර්තා වන නව දේශීය ආසාදිතයන් ගණන 360 ක් බවත් රොයිටර් පුවත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?