AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයටම අනතුරු ඇඟවීමක්

දේශගුණය කෙරෙහි මානව වර්ගයා සිදුකරන හානිකර බලපෑම “සත්‍ය ප්‍රකාශයක්” බව සුවිශේෂී අධ්‍යයනයක් කළ එක්සත් ජාතීන්ගේ විද්‍යාඥයින් පිරිසක් පවසයි.

උණුසුම් වායූ විමෝචනය හේතුවෙන් සුවිශේෂ උෂ්ණත්ව සීමාවක් වසර 10කටත් අඩු කාලයකදී බිඳී යා හැකි බව එම වාර්තාවේ දැක්වෙයි.

මෙම සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටර් 2කින් ඉහළයෑම “බැහැර කළ නොහැකි” බව ද එම පර්යේෂණයට උරදුන් විද්‍යාඥයෝ පවසති.

හරිතාගාර වායු විමෝචනයේ දැඩිලෙස අඩුකිරීම ඔස්සේ ඉහළයන උෂ්ණත්වය පාලනය කළ හැකි බවට බලාපොරොත්තුක් ඇතිවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මින් පෙර නොවූවිරූ වේගයකින් 1970 වසරෙන් පසු පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?