AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයම කැළඹූ මහ වර්ෂාව : ජපානයෙන් ඉහළම අනතුරු ඇඟවීමක්

ජපානයට බලපෑ අධික වාර්ෂා තත්ත්වය හේතුවෙන් එරට තුළ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා බලධාරීන් තීරණය කරලා.

මේ වන විටත් ජපානයේ දකුණු ප්‍රදේශයට වෙන්නට පිහිටි ප්‍රාන්තවලින් පුද්දගලියන් එක් ලක්ෂ විසි දහසක් (120,000ක්) පමණ ඉවත් කිරීමටත් බලධාරීන් තීරණයක් අරන්.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ කියුෂු දූපත වෙතට ඉහළම මට්ටමේ වැසි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම බලධාරීන් විසින් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථානයෙන් වෙත ගෙනයමින් සිටින බවද රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා.

සතියක් පුරාවට ජපානයට බලපෑ ඇති මෙම අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, ගංවතුර තත්ත්වයන් බොහෝ ලෙසින් ජපානයෙන් වාර්තා වෙනවා.

මෙම අනතුරු නිසා පුද්ගලයින් 09 දෙනෙකු මිය ගිහින් තවත් 20 දෙනෙකු අතුරුදහන් වෙලා කියලත් සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?