Empty Ad
AFC Banner
Empty Ad

ලොස් ඇන්ජලීස් ගොඩනගන්න ඩොලර් බිලියන ගණනක් – ලැව් ගින්න මේ සතියේ දරුණු අතට

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව් ගින්න ව්‍යාප්තියට උපකාරීවන සුළං මේ සතිය තුළ නැවත ඇති විය හැකි බව අංශ අනාවැකි පළකර තිබෙනවා.

ඒ, අනුව ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් දරුණුවන ලැව්ගින්නට සූදානම් වෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලැව්ගිනි තුනකින් මේ වනවිට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයට පීඩා ගෙන දෙමින් පවතින අතර, ඉන් වැඩිම බලපෑමක් ‘පැලිසේඩ්ස්’ ගින්නෙන් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

‘පැලිසේඩ්ස්’ ගින්න අක්කර 23,000 කට වඩා භූමි ප්‍රමාණයක පැතිර ගොස් ඇති අතර, සඳුදා සවස වන විට ඉන් 14%ක් පාලනය කර තිබෙනවා.

එමෙන්ම ‘ඊටන්’ ගින්නෙන් අක්කර 14,000 කට වඩා දැවී ගොස් ඇති අතර, එය 33% ක් පාලනය කර ඇති බව බලධාරීන් පවසනවා.

ඊටන් ගින්න සහ පැලිසේඩ්ස් ගින්න පැතිර යන ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 23 දෙනෙකු අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ලැව් ගින්නෙන් දරුණු ලෙස හානියට පත්ව ඇති ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ලැව් ගින්නෙන් උන්හිටිතැන් අහිමිව විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම වෙනුවෙන් ද බයිඩන් ජනාධිපතිවරයාගේ අවදානය යොමුව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරයට බලපෑ වියළි කාලගුණය හේතුන් පසුගිය 07 වනදා මෙම ලැව් ගිනි ආරම්භ වූ අතර ඉන් සිදුව ඇති දේපළ හානිය පිළිබඳව තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ.

මේ අතර කැලිෆෝනියාවේ අලුතින් තේරී පත් වූ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ඇඩම් ෂිෆ් පැවසුවේ, ඉදිරියේදී පැමිණෙන ට්‍රම්ප් පරිපාලනය ආපදා සහන සැපයීමට ඉක්මනින් පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

1 4

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනාඩි 18යි - රොහිත උදේම මැතිබයේ අඩව්ව අල්ලයි - සමාවෙන්න මිනිහා කිව්වට? #rohitha
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
03:12:02
Video thumbnail
BREAKING NEWS 🔴දේශබන්දුව හොයන්න පොලිසිය කතරගම බස්නායක නිළමෙගේ මවගේ ගෙට රිංගයි
03:10
Video thumbnail
🔴WEATHER ALERT🔴 කාලගුණය ගැන දැනගත්තොත් ඔබට හොඳයි
02:13
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51

?