ලොව විශාලතම ආගමික උත්සවය අද ඇරඹේ – උත්සවයට බැතිමතුන් කෝටි 04ක්

වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගීවන ලොව විශාලතම ආගමික උත්සවය වන මහා කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාව මේ වනවිට සූදානම් වනවා.

අද (13) දිනයේ සිට දින 45ක් පැවැත්වෙන මෙම උත්සවය වෙනුවෙන් ඉන්දිය රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 812ක් වියදමක් දරනවා.

සෑම වසර 12ක වරක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ප්‍රයග්‍රාජ් හි පැවැත්වෙන මහා කුම්භමේලා උත්සවය වෙනුවෙන් අද (13) සිට කෝටි හතරක පමණ බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විශේෂ ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක නිලධාරීන් 40,000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර, AI සක්‍රීය කැමරා 328ක් ඇතුළුව CCTV කැමරා 2,751 ද ස්ථාපිත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ආරක්ෂක වළලු හතක ආරක්ෂක සැලැස්මක් මේලා ප්‍රදේශය වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා සකසා ඇති බව සඳහන්.

ඊට අමතරව උත්සවය පැවැත්වෙන සම්පූර්ණ ප්‍රදේශයම වාහන තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන් පැය 24 පුරා නිරීක්ෂණය සඳහා හා අධි තාක්‍ෂණික ඩ්‍රෝන යානා 20ක් යෙදවීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදින් ඇරඹෙන මෙම උත්සවයට පැමිණෙන වන්දනාකරුවන්ට නවාතැන් ගැනීම සඳහා බලධාරීන් කූඩාරම් 150,000 ක් ගංගා ඉවුරු දෙපස පිහිටුවා තිබෙනවා.

ඊට අමතරව සනීපාරක්ෂාව වෙනුවෙන් සනීපාරක්ෂක සේවකයින් 15,000ක් සහ තාවකාලින වැසිකිළි 150,000ක් පමණ පිහිටුවා ඇති බව සඳහන්.

සෑම වසර 12 කට වරක් සිදුවන “මහා” කුම්භය වඩාත් සුබදායක යැයි සලකනු ලබන අතර, මෙහිදී ගංගා, යමුනා සහ සරස්වතී නදියට සංගම් නදිය එකතු වෙන ස්ථානයට පැමිණෙන බැතිමතුන් එම ස්ථානයෙන් ස්නානය කරනු ලබනවා.

එලෙස සිදුකිරීමෙන් පව් දුරුවන බවත්, ජීවන හා මරණ චක්‍රයෙන් මිදීම ලබාදෙන බව බැතිමතුන් විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
31
+1
4
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?