ලොව ප්‍රකට Nature සඟරාවේ ඩෙල්ටා ප්‍රභේදය ගැන පලවු භයානක දේ

ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.

එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු ලොව ප්‍රකට Nature නම් වූ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව සම්බන්ධයෙන් එහි යලිත් වතාවක් තහවුරු කර තිබෙනවා.

එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?