ලොව පළමු ලප නැති උපත

ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයේ උපත ලබා ඇති බව වාර්තා වනවා.

මෙම පැටවා ජූලි 31 වනදා උපත ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම අපුරු ජිරාෆ් පැටවාට තවමත් නමක් තබා නැහැ.

මෙම පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයෙන් යුක්තයි

ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නොලැබේ.

අඩි හයක් පමණ මේ වන විට උස මෙම පැටවා ගැහැණු සත්වයෙකි.USA Today වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?