ලොරි රථයක් අධිවේගී මාර්ගයේ දී උඩින් ගොස් පෙරළෙයි(වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (07) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර සිදු ව ඇත්තේ පින්නදූව සහ බද්දේගම ප්‍රවේශ අතර මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ 83.9 කිලෝමීටර් කණුව ආසන්නයේ දී බවයි.

අධිශීත කළ ලොරි රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් සම්පූර්ණයෙන් ම එහි ආරක්ෂක වැට ද කඩාගෙන ඉවතට පැන පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් ලොරි රථයට දැඩි හානි සිදු ව ඇති අතර තුවාල ලැබූ රියදුරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?