ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දැවැන්තම සුපිරි ජයමල්ල වූ රු.629,855,919.60 ක අති දැවන්තම සුපිරි කෝටිපති ජයමල්ලට වාසනාවන්තයෙක් බිහිකරන්නට කප්රුක ලොතරැයියට පසුගිය පෙබරවාරි මස 19 වන දින හැකිවුණා.
එම ත්‍යාග මුදලට හිමි චෙක්පත ඇතුළුව, සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත්, ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරි හේමන්ත ස්වර්ණතිලක, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ , ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය , ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 51 දෙනෙක් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 707,463,606/-ක්.













