ලොතරැයියක් වෙනුවෙන් සහෝදරියන් දෙදෙනාව යක්ෂයාට බිලි දුන් අමුතු සහෝදරයා

සහෝදරයෙකු විසින් සිය සහෝදරියන් දෙදෙනාව කෲර ලෙස පිහියකින් ඇන මරා දැමූ පුවතක් එංගලන්තයේ වෙම්බ්ලි පාර්ක් වෙතින් වාර්තා වෙනවා.

වයස අවුරුදු 19ක් වූ ඩැනියල් හුසේන් නම් තරුණයෙකු විසින් සිය සහෝදරියන් වන 27 හැවිරිදි නිකොල් ස්මාල්මන් සහ 46 හැවිරිදි බිබා හෙන්රි යන අයව මෙලෙස ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ ජුනි මාසයේ 06 වැනිදාය.

මෙම සිදුවීමට අදාළ නඩු  ඊයේ (09) දිනයේ දී අධිකරණය විසින් විභාගයට ගෙන තිබුණා.

මෙම ඝාතනයෙන් පසුව ඝාතනය සිදුකළ සැකකරුගේ කාමරය පොලීසිය විසින් පරික්ෂා කර බලා ඇති අතර එහිදී එම තරුණයා විසින් “යක්ෂයා” සමඟ ඇති කරගත් ගිවිසුමක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ගිවිසුම ප්‍රකාරව ඩැනියෙල් හට යක්ෂයාගෙන් තම අරමුණ ඉටුකර ගැනීම සඳහා බිල්ලක් ලබාදිය යුතුව තිබුණු අතර ඒ සඳහා ඔහු විසින් තෝරාගෙන තිබුණේ තම සහෝදරියන් දෙදෙනාවයි. එහිදී ඩැනියල් විසින් නිකොල් හට 28 වතාවක් ද, බිබා හට 08 වතාවක් ද පිහියකින් ඇන තිබුණි

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ නිකොල් සහ බීබාගේ මිතුරන් පිරිසක් සමඟ එක්ව බීබාගේ උපන්දින සාදය පවත්වමින් සිට තිබෙනවා.

මිතුරන් ගිය පසුව සහෝදරියන් දෙදෙනා පමණක් උපන්දිනය සැමරූ උද්‍යානයේ සිට විනෝද වෙමින් සිට තිබෙනවා.

අධිකරණයේ ඊයේ (09) නඩුව විමසන අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ඔලිවර් ග්ලාස්ගෝ නීතිඥවරයා විසින් සඳහන් කර තිබුණේ ඩැනියල් විසින් යක්ෂයාගෙන් ලොතරැයි දිනුමක් ඉල්ලා තිබූ බවත් ඒ සඳහා ඔහු බිලි පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු කර තිබුණු බවත්ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සහෝදරියන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් පසුව සැකකරු විසින් ලොතරැයි කිහිපයක් ද මිලට ගෙන ඇති බවයි. ඒවාද සැකකරුගේ කාමරයේ තිබී සොයාගෙන තිබෙන බවද නීතිඥවරයා උසාවිය ඉදිරියේ පවසා සිටියා.

කෙසේ වෙතත් ඩැනියල්ගේ බිලි පූජාව සාර්ථක නොවූ අතර කිසිදු ලොතරැයි දිනුම් ඇදීමක් ඔහුට හිමි වුණේ නැහැ. මෙහිදී ඉදිරිපත්ව තිබූ බොහෝ සාක්ෂි ඩැනියල් හුසේන්ට විරුද්ධව තිබූ අතර ඔහු ඝාතනය සිදුකළ බවට CCTV දර්ශන සහ DNA පරික්ෂණවලින් ඔහු මෙම සිදුවීමට ඍජුවම සම්බන්ධ බවට හෙළි වී තිබුණි.

එමෙන්ම තරුණයා විසින් පිහි මිලදී ගත් බවට සාක්ෂිත්, ඔහුගේම අත කපා යක්ෂයා සමඟ ලෙයින් ගිවිසුම් අත්සන් කර තිබෙන ආකාරය දැක්වෙන ලිපියකුත් එහිදී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සිදුවීමට අදාළ නඩුව තවත් සති 04ක පමණ කාලයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32