ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 09ක් මරුට; 2800කට වැඩි පිරිසකට තුවාල – 200කට අසාධ්‍යයි !

ලෙබනනයේ අගනුවර වන බේරූට් කේන්ද්‍ර කරගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක පිපිරීම් මාලාවක් සිදු ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 2800කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

තුවාලකරුවන් අතරින් පුද්ගලයින් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද වාර්තා වනවා.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරායෑමෙන් මෙම පිපිරීම් සමූහය නගරයේ සිදු ව ඇති බවයි CNN පුවත් සේවය පැවසුවේ.

එම පිපිරීම් මාලාවේ දී වීදි, සාප්පු, වෙළෙඳසැල් සහ නිවෙස් ආශ්‍රිත ව මෙම පිපිරීම් සිදු ව තිබෙන අතර මෙය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද්දක් බවටයි හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන්.

මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත් ව තිබෙන බවත් වාර්තා වනවා.

එක්සත් ජනපදය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම්සහගතව සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ඉරාන ලෙබනනයේ තානාපති මොජ්ටබා අමානි ද සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ දේශීය වේලාවෙන් පස්වරු 3:30 ට මෙම පිපිරීම් මාලාව සිදු ව තිබෙනවා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය ෆිරාස් අබියාඩ් තහවුරු කළේ පිපිරීම්වලින් “ගැහැණු ළමයෙක් ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගිය” බවත්, “පුද්ගලයින් 2,800 ක් පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 200කට වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන බවත්; තුවාල වැඩි වශයෙන් මුහුණේ, අත්වල සහ උදරයේ ඇති බවයි.”

එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් තහනම් කරන ලද හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය වන අතර ඉරානයේ පිටුබලය ලබන්නක්.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායලය සමග යුද වැදී සිටින හමාස් සංවිධානයට හිස්බුල්ලා සහාය දක්වනවා.

හිස්බුල්ලා නීති සම්පාදකයින් වන අලි අම්මාර් සහ හසන් ෆඩ්ලල්ලාගේ පුතුන් මියගිය පිරිස අතර සිටින බවට ද සමීප මූලාශ්‍රයක් ප්‍රවෘත්ති AFP වෙත ප්‍රකාශ කර තිබෙන බව ද CNN පුවත් සේවය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?