ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 09ක් මරුට; 2800කට වැඩි පිරිසකට තුවාල – 200කට අසාධ්‍යයි !

ලෙබනනයේ අගනුවර වන බේරූට් කේන්ද්‍ර කරගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක පිපිරීම් මාලාවක් සිදු ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 2800කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

තුවාලකරුවන් අතරින් පුද්ගලයින් 200 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද වාර්තා වනවා.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරායෑමෙන් මෙම පිපිරීම් සමූහය නගරයේ සිදු ව ඇති බවයි CNN පුවත් සේවය පැවසුවේ.

එම පිපිරීම් මාලාවේ දී වීදි, සාප්පු, වෙළෙඳසැල් සහ නිවෙස් ආශ්‍රිත ව මෙම පිපිරීම් සිදු ව තිබෙන අතර මෙය ඊශ්‍රායලය විසින් සිදු කරන ලද්දක් බවටයි හිස්බුල්ලා සටන්කාමීන් චෝදනා කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන්.

මෙම පිපිරීම්වලින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඇතුළුව තවත් සාමාජිකයින් රැසක් ජිවිතක්ෂයට පත් ව තිබෙන බවත් වාර්තා වනවා.

එක්සත් ජනපදය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම්සහගතව සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ඉරාන ලෙබනනයේ තානාපති මොජ්ටබා අමානි ද සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ දේශීය වේලාවෙන් පස්වරු 3:30 ට මෙම පිපිරීම් මාලාව සිදු ව තිබෙනවා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍ය ෆිරාස් අබියාඩ් තහවුරු කළේ පිපිරීම්වලින් “ගැහැණු ළමයෙක් ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගිය” බවත්, “පුද්ගලයින් 2,800 ක් පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 200කට වැඩි පිරිසක් බරපතළ තත්ත්වයේ පසුවන බවත්; තුවාල වැඩි වශයෙන් මුහුණේ, අත්වල සහ උදරයේ ඇති බවයි.”

එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් තහනම් කරන ලද හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය වන අතර ඉරානයේ පිටුබලය ලබන්නක්.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායලය සමග යුද වැදී සිටින හමාස් සංවිධානයට හිස්බුල්ලා සහාය දක්වනවා.

හිස්බුල්ලා නීති සම්පාදකයින් වන අලි අම්මාර් සහ හසන් ෆඩ්ලල්ලාගේ පුතුන් මියගිය පිරිස අතර සිටින බවට ද සමීප මූලාශ්‍රයක් ප්‍රවෘත්ති AFP වෙත ප්‍රකාශ කර තිබෙන බව ද CNN පුවත් සේවය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18