AFC Banner
Empty Ad

ලෙඩ සනීප කරන්න කළ ශාන්ති කර්මයෙන් ජීවිතයත් නැති වෙයි

ලග්ගල , හත්තොට අමුණ ප්‍රදේශයේ සිදු කළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැවති අසනීප තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සඳහා මෙම ශාන්ති කර්මය සිදු කර ඇති බවයි පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන ඇත්තේ.

ශාන්ති කර්මය අතරතුරදී ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර එම අවස්ථාවේදී එක් කාන්තාවක් අසනීප වූ බව සඳහන්.

ඇය අසනීප වූ විට ශාන්තිකර්මය සිදු කළ පුද්ගලයන් කහ වතුර පානය කිරීමට ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ශාන්තිකර්මය සිදු කළ බව කියන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලග්ගල පොලිසියයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
16
+1
4
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?