ලූවර් කෞතුකාගාරයෙන් කොල්ල කෑ මිල කළ නොහැකි භාණ්ඩ ලැයිස්තුව මෙන්න

පැරිසියේ ලූවර් කෞතුකාගාරය ඊයේ (19) සිදු වූ මංකොල්ලයේ දී, කොල්ලකරුවන් විසින් මිල කළ නොහැකි කෞතුක ආභරණ අටක් කොල්ල කා ඇති බව අනාවරණය වී තිබෙනවා.

පැරිස් බලධාරීන් පවසන්නේ ඔටුනු, මාල, කරාබු සහ බ්‍රෝච් ඇතුළු අයිතම මෙලෙස කොල්ල කා ඇති බවයි.

ඒවා සියල්ල 19 වන සියවසට අයත් වන අතර, ඒවා ප්‍රංශ රාජකීයත්වයට හෝ අධිරාජ්‍ය පාලකයන්ට අයත් බවයි හෙළිව ඇත්තේ.

ඒ, අනුව තුන්වන නැපෝලියන්ගේ බිරිඳ වන ඉයුජිනි අධිරාජිනියට අයත් ඔටුන්නක් සහ බ්‍රෝච් එකක්,
මාරි ලුයිස් අධිරාජිනියගෙන් මැණික් මාලයක් සහ මැණික් කරාබු යුගළයක්,
මාරිඇමලි රැජිණ සහ හෝර්ටෙන්ස් රැජිණට අයත් නිල් මැණික් ඔටුන්නක්, මාලයක් සහ තනි කරාබුවක්,
“රිලිකුවරි බ්‍රෝච්” ලෙස හැඳින්වෙන බ්‍රෝච් එකක්, කොල්ල කන භාණ්ඩ අතර වනවා.

මේ අතර ඉයුජිනි අධිරාජිනියගේ ඔටුන්න ඇතුළු තවත් අයිතම දෙකක් සිද්ධිය වූ ස්ථානය අසල තිබී හමු වූ අතර, කොල්ලකරුවන් පලා යාමේදී ඒවා දමා ඇති බවයි සැකපළ කරන්නේ.

මේ අතර බලධාරීන් ඒවාට හානි සිදුව තිබේද යන්න පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු රැසක් තැන්පත් කර ඇති පැරිසියේ ලූවර් කෞතුකාගාරය ඊයේ (19) මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීන් කටයුතු කළා.

කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත්, විනාඩි 04ක් තුළ මංකොල්ලය සිදුකර මංකොල්ලකරුවන් පළා ගොස් ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
5
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?