නේපාලයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ ඊයේ (09) දිනයේදී දඹදිව වන්දනාව සඳහා මෙරටින් ගොස් තිබූ ශ්‍රී ලංකික පිරිසකට නේපාලයේ ලුම්බිණි විහාරය වන්දනාමාන කිරීමෙන් අනතුරුව නිරුපද්‍රිතව ඉන්දියාව වෙතට පිටත්ව යාමට හැකියාව ලැබුණු බව ලුම්බිණියේ ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය තිස්සමහාරාමයේ පඥ්ඥාසාර හිමි පවසනවා.
ලුම්බිණි විහාරය වන්දනාමාන කිරීමෙන් පසු එම පිරිස ශ්‍රී ලංකා දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ විවේක ගන්වා අද (10) අලුයම් කාලයේදී ඔහුන්ව නේපාල – ඉන්දීය දේශ සීමා හරහා ඉන්දියාවට පිටත් කර යැවීමට කටයුතු යෙදූ බව උන්වහන්නේ වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විට වන්දනා ගමන් සඳහා පැමිණි කිසිදු පුද්ගලයෙක් නේපාලයේ රැඳී නොසිටින බවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස අද දිනයේ සිට දින 04ක කාලයක් සඳහා ලුම්බිණි විහාරය වන්දනාමාන කටයුතු සඳහා වසා තබන බවත් උන් වහන්සේ පවසා සිටිනවා.





