ලුණුගල – බිබිල ප්‍රධාන මාර්ගය වැසේ

ගල් පෙරළීම හේතුවෙන් ලුණුගල – බිබිල ප්‍රධාන මාර්ගය ඊයේ (07) රාත්‍රියේ හදිසියේ ම වසා දැමුනා.

එම මාර්ගයට 179 කිලෝ මීටර් කණුව අසල මාර්ගය ගල් පෙරළී මාර්ගය අවහිර වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙනවා.

ඒ, අනුව බිබිල මැදගම බඩල්කුඹුර පස්සර හරහා බදුල්ල / කන්දකැටිය හරහා බදුල්ල යන මාර්ග භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්