ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබෙනවා.

ඒ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ ජලාශයේ ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීම හේතුවෙන්.

ජලාශයේ වාරි ඉංජිනේරු දැනුම්දී ඇත්තේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවයි.

මේ හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?