බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුව රාමනාදපුරම් පොලිස් වසමේ සින්නසන්දිය ප්‍රදේශයේ දී පෙට්‍රල් ලීටර් 1220ක් සහ ඩීසල් ලීටර් 530ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) රාත්‍රියේ මෙම සැකකරු ඉන්ධන තොයග ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 24ක ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2200ක් සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
හුංගම පොලිසිය මඟින් ඊයේ (21) අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු අවුරුදු 80ක මාමඩල, ජංසගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.













