ලියාපදිංචි දන්සැල් 8,742ක් – දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,742ක් ඊයේ (10) දිනය වනවිට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙම දන්සැල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මටමින් ලියාපදිංචි කර ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල අද දිනයේ දී ද දන්සැල් ලියාපදිංචිකිරීමේ කටයුතු සිදුකර බව සභාපතිවරයා පැවසුවා.

මේ අතර හෙට සහ අනිද්දා දින දෙක තුළ දිවයින පුරා ක්‍රියාත්මක දන්සැල් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව සඳහන් කළ සභාපතිවරයා ඒ සඳහා 2,000ක පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි සඳහන් කළේ.

මහජනතාවට ආහාර පාන ලබාදෙන මෙම දන්සැල් සෞඛ්‍ය ආරක්‍ෂිතව පවත්වන ලෙසද ඒවායේ සංවිධායකවරුන්ට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?