ලිබියාවේ පාර්ලිමේන්තුවට විරෝධතාකරුවන් කඩාවදී

ලිබියාවේ – නැගෙනහිර ටොබ්‍රැක් නගරයේ පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් විසින් එහි කොටස් කිහිපයකට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදකාරී තත්ත්වයට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරයි විරෝධතාකරුවන මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කඩාවැදී ඇත්තේ.

අඛණ්ඩ විදුලි කප්පාදුවට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාමට ඇතුළු කරුණු රැසක් මුල්කර ගන්මින් ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද විරෝධතා පැවැත්වෙනවා.

ලිබියානු අන්තර්වාර රජයේ ප්‍රධානී අබ්දුල් හමාඩි ඩෙබ්රාහ් ද මෙම විරෝධතාවන්ට සහාය දක්වා ඇති අතර විරෝධතාකරුවන් පවසන්නේ වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවටයි.

මේ අතර ලිබියානු පාර්ලිමේන්තු කථානායකවරයා සහ රාජ්‍ය කවුන්සිලයේ උසස් කවුන්සිලයේ සභාපතිවරයා මැතිවරනය සඳහා වන ව්‍යවස්ථාමය රාමුවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ඇති බවද වාර්තා වනවා.

පසුගිය වසර තුළ මැතිවරණය නියමිත ආකාරයෙන් පැවැත්වීමට අපොහොසත් වීමෙන් පසු දේශපාලන කණ්ඩායම්, ආණ්ඩුව පාලනය කිරීම සඳහා පොරබදමින් සිටින අතර, රාජ්‍ය සේවා ක්‍රමයෙන් බිඳවැටීමත් සමඟ ලිබියාව නැවත භෞමික බෙදීම් සහ සිවිල් යුද්ධයකට තල්ලු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47