ලිට්‍රෝ ගෑස් සමාගමෙන් තවත් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

අදාළ චෙක්පත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසිනුයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවේ.

සාගල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ශ්‍රියානි කුලසිංහ මහත්මිය වෙත එම චෙක් පත භාරදී තිබෙනවා.

ආර්ථිකමය වශයෙන් රට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහ සාගල රත්නායක මහතාගේ සහයෝගය මත ලිට්‍රෝ ගෑස් සමාගම ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති බව සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී සඳහන් කළා.

එහි ප්‍රතිලාභ නැවතත් රජයට ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කියාසිටියේ.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් බිලියන 03ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට වෙත යොමු කර ඇති බව ද මුදිත පිරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34