AFC Banner
AFC Banner
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල මෙම මාසයට අදාළ ව කිසිදු සංශෝධනයක් සිදු නොවන බව නිවේදනය කර තිබෙනවා.

එම සමාගම විසින් දැනුම්දෙනු ලැබුවේ පෙබරවාරි මාසයට අදාළ ව පවතින වත්මන් ගෑස් මිල ගණන්වල වෙනසක් සිදු නොවන බවයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙසත් මෙම මාසයේ දිත් ක්‍රියාත්මක වනු ඇති.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 694ක් ලෙසයි.

මෙම මිල ගණන් කිසිදු සංශෝධනයකින් තොරව පෙබරවාරි මාසය පුරා ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?