AFC Banner
Empty Ad
Empty Ad

ලිංගිකව සහ මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වෙන වෛරසයක්

ලිංගිකව සහ මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වෙන වෛරසයක ව්‍යාප්තියක් සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාවේ ප්‍රාන්තයක සෞඛ්‍ය බලධාරීන් දැඩි පියවර ගනිමින් සිටිනවා.

ඉන්දියාවේ ජනගහණය අධිකම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුල එක් දිස්ත්‍රික්කයකින් සිකා වෛරස ආසාදනය වූ ආසාදිතයින් 89 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතර ළමයින් 17 දෙනෙක් ද වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම ආසාදිතයින් හමු වී ඇත්තේ පළමු වරටයි. කාන්පූර් නගරයෙන් පළමුවරට ආසාදිතයෙක් හමුවී තිබුණේ ඔක්තෝබර් 23 වෙනිදායි.

මදුරුවන් මගින් බෝ වන මෙම රෝගය ගර්භනී මව්වරුන්ට වැලඳුණු පසු අලුත ඉපදෙන දරුවන්ගේ මොළය හැකිළෙන අතර ප්‍රතිශක්තිය අඩුකරන දුර්ලභ Guillain-Barre syndrome නම් රෝගී තත්ත්වයද ඇතිවෙයි.

ඉන්දියාවෙන් පළමුවරට මෙම වෛරසයේ ආසාදිතයින් 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?