AFC Banner
Empty Ad
Empty Ad

ලැබූ ජයග්‍රහණ ගිලිහෙන හැටි ගැන ජනපති කියයි (වීඩියෝ)

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

2023 අයවැය මගින් කර තිබූ යෝජනාවට අනුව මෙරට පළමු වරට පිහිටුවනු ලැබූ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කරන්දෙණීයේ දී විවෘත කෙරුණා.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද මෙහිදී දියත් කෙරෙනවා.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?