ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්, පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන

ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ලංගම සේවකයින් වෙනුවෙන් රජයෙන් ලබා දෙන බව පැවසූ බෝනස් මුදල නොලැබුණ බවට නාවලපිටිය ලංගම ඩිපොවේ සේවකයින් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරවයා මේ බව සඳහන් කර සිටියා.

නාවලපිටිය ලංගම ඩිපොවේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සේවකයින් සමඟ මේ සම්බන්ධයෙන් පවසනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?