Empty Ad
AFC Banner
Empty Ad

ලසන්තගේ ඝාතන සිද්ධිය ගැන නීතිපති දුන් තීන්දුව රිවර්ස් වෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නීතිපතිවරයා විසින් අදාළ දැනුම්දීම ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබුණා.

මෙම තීන්දුවට විරෝධය පාමින් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව අබියස දී වික්‍රමතුංග මහතාගේ දියණිය ඇතුළු පිරිසක් එක්ව විරෝධතාවක් ද පැවැත්වුවා.

එමෙන්ම තම පියාට සාධාරණයක් ඉටු කරන ලෙසත්, නීතිපතිවරයා ව ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් දන්වමින් අහිම්සා වික්‍රමතුංග විසින් ලියන ලද ලිපියක් ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත භාර කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?