ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයේ වෙනස්කමක්

රියදුරු බලපත‍්‍රවල නව වෙනස්කම් සිදුකරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

ඒ අනුව රියදුරන් සඳහා දෝෂ ලකුණු ක්‍රමයක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර රියදුරු විසින් කරනු ලබන සෑම මාර්ග නීති කඩකිරීමක් සඳහාම දෝෂ ලකුණු ප්‍රදානය කෙරේ.

එමගින් වැරදි ලකුණු 24ක් ලබා ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය කෙටි කාලයකට අත්හිටුවීමට නියමිතය.

ඉන්පසු ඔහුට නැවතත් නව රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සිදුවන අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?