ලබන බදාදා පාර්ලිමේන්තු සැසිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කෙරේ

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලබන 24 වනදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එම විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට නොහැකි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිදහසට ඊට අදාළ කරුණු දැක්වීම පසුව සිදුකළ යුතු වනවා.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම සඳහා නිකුත්කරනු ලබන නිවේදනය ‘ඉරි තුනේ නිවේදනය’ ලෙස හඳුන්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?