ලබන ඉරිදා ශෝක දිනයක් ලෙස නම් කෙරෙයි

අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා පස්වරු 2ට නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

එබැවින් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමටයි රජය තීරණය කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමට යුතු වනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?