ලක්ෂ 50ක සොරකමකට 19 හැවිරිදි තරුණිය සහ තවත් අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් සොරකම් කළ බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා පුද්ගලයෙක් රැගෙන ආ මුදල් මෙලෙස සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සහ 38 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මුදල අයත් පෞද්ගලික ආයතනයේ රියදුරු ලෙස ඉහත සැකකරු සේවය කර ඇති අතර වෙනත් අයෙකු සමග එම මුදල බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එමින් සිටියදී එය සොරකම් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.19 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාවටයි.

ඔවුන් දෙදෙනා සතුව තිබී රුපියල් ලක්ෂ 27කට අධික මුදලක් සොයාගෙන ඇති අතර ඊට අමතරව චෙක්පත් 04ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17