රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් ගෞරි වර්ගයට අයත් වාලම්පූරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බේරුවල පොලිසිය සඳහන් කළේ අදාළ වාලම්පූරිය අලෙවි කිරීමට රැගෙන යන අවස්ථාවේ දී සැකකරු සමඟ එම වාලම්පූරිය ඊයේ (17) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මොරොන්තුඩුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී පොල් ගෙඩියක් කරකැවීම සඳහා එම වාලම්පූරිය යොදාගන්නා ආකාරය සහ වාලම්පූරියට මල් යෙදූ පසු එම මල් පිපෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ද හමුව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.














