ලක්ෂ 50ක ගෞරි වාලම්පූරියක් සමඟ අයෙක් මාට්ටු (වීඩියෝ)

රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් ගෞරි වර්ගයට අයත් වාලම්පූරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලිසිය සඳහන් කළේ අදාළ වාලම්පූරිය අලෙවි කිරීමට රැගෙන යන අවස්ථාවේ දී සැකකරු සමඟ එම වාලම්පූරිය ඊයේ (17) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මොරොන්තුඩුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී පොල් ගෙඩියක් කරකැවීම සඳහා එම වාලම්පූරිය යොදාගන්නා ආකාරය සහ වාලම්පූරියට මල් යෙදූ පසු එම මල් පිපෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ද හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46