ලක්ෂ 14ක මුදලක් සොරාගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනා රුපියල් ලක්ෂ හත බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19) නියෝග කර තිබෙනවා.

මෝදර පොලිසියේ සේවයෙහි නියුතුව සිටි බව කියන සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු එසේ ඇප මත මුදා හැරුණා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පළමු වන සාක්ෂිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු ද දෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් සිව් දෙනෙකුද, තෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකුද සිව්වන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගන්නා ලද රුපියල් එකොළොස් ලක්ෂ අනූ හතර දහසක මුදලක් බැඳුම්කරයක් මත පැමිණිලිකරුට ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සෙසු ඉතිරි මුදල් පැමිණිලිකරුවන්ට ලබාදීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ අධිකරණයට දන්වා තිබුණා.

නිවසේ හිමිකරුවන් මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ දිනේෂ් ගොඩගම හා නිසංසලා දිසානායක පෙනී සිටියා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ පෙර නඩු වාරයේ දී අධිකරණය හමුවේ කියා සිටියේ, ඉකුත් පහළොස් වැනි දින පස්වරුවේ සැකකාර නිලධාරීන් සිව්දෙනා වැටලීම් කටයුත්තක් සඳහා එම නිවසට ගොස් පසුව පොලිසිය වෙත පැමිණ ඇති නමුත් ඔවුන් එවැනි සොරකමකට සම්බන්ධව නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
01:25:01
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් මතුවූ නිසල වනඅලි සිරුර..පපුවේ කිසිම තෙත් ගතියක් නැති මිනිස්සු ඉන්නේ
01:28
Video thumbnail
රංචු පිටින් ඉන්නේ කවුද බලන්නකෝ..ඩෝන කැමරාවේ සටහන් වූ දර්ශන මෙන්න
01:35


?