spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ පනහකට අධික මත්ද්‍රව්‍ය සමඟ හැටහතේ කත අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50 මිලිගෑම් 610ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලිගෑම් 100ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 240ක් සහ මත්පෙති 900ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 67ක තැනැත්තියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?