ලක්ෂ තිස් හතරක නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් පමණ වටිනාකමක් සහිත නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුවේට් රාජ්‍යයේසිට ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (13() අලුයන මෙරට පැමිණ තිබු සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර් ” වර්ගයයේ දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සගවා ගෙන තිබියදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?