ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් රට හැරයාම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ අද (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර සභාපතිවරයා සඳහන් කළේ වසර දෙකක කාලයක් විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 දෙනෙක් විදේශගතව ඇති බවයි.
ඉන් ඉංජිනේරුවන් 105 දෙනෙක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54ක් නිල නිවාඩු ලබා ද විදේශගත ඇති බව ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
1
+1
1
+1
+1
1




