ලංගම සේවකයින්ට පෙබරවාරි වැටුප් ගෙවීමට එකඟත්වය

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට පෙබරවාරි මස වැටුප මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ වී තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යි මෙම එකඟත්වය පළ වූයේ.

පසුගිය කාල වකවානුවලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව සේවක වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බස් රථ 400ක් ඇතුළුව බස්රථ 1800කට අධික ප්‍රමාණයක් මේ වසරේ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සඳහන් කෙරුණා.

අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා බස්රථ 500ක් හිමිවීමට නියමිත අතර තවත් විශාල බස්රථ 100ක් ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විවිධ මාර්ග සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

විදේශ ණය වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු ණය අත්හිටුවා ඇති බවත් ‍රටේ වත්මන් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අත්හිටුවා ඇති වෙනත් ණය ආධාර ලබාගත හැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කලේ.

මෝටර් වාහන පනත යටතේ 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2031/17 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2022 නොවැම්බර් 14 දිනැති අංක 2036/02 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සඳහා ද කාරක සභාවේ එකඟත්වය මෙහිදි හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?