ලංගම සේවකයින්ට පෙබරවාරි වැටුප් ගෙවීමට එකඟත්වය

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට පෙබරවාරි මස වැටුප මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ වී තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යි මෙම එකඟත්වය පළ වූයේ.

පසුගිය කාල වකවානුවලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව සේවක වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බස් රථ 400ක් ඇතුළුව බස්රථ 1800කට අධික ප්‍රමාණයක් මේ වසරේ ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සඳහන් කෙරුණා.

අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා බස්රථ 500ක් හිමිවීමට නියමිත අතර තවත් විශාල බස්රථ 100ක් ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විවිධ මාර්ග සංවර්ධන කටයුතු අත්හිටුවීමට සිදුව ඇති බව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

විදේශ ණය වැඩසටහන් යටතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා සියලු ණය අත්හිටුවා ඇති බවත් ‍රටේ වත්මන් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අත්හිටුවා ඇති වෙනත් ණය ආධාර ලබාගත හැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කලේ.

මෝටර් වාහන පනත යටතේ 2022 ඔක්තෝබර් 10 දිනැති අංක 2031/17 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2022 නොවැම්බර් 14 දිනැති අංක 2036/02 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සඳහා ද කාරක සභාවේ එකඟත්වය මෙහිදි හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14