ලංගම බසයක් තුළ දී පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා යළි ගම්පොළ පොලීසියට ඇවිත් (වීඩියෝ)

ගම්පොළ ප්‍රදේශයේ දී බස් රථයක් තුළ දී ඊයේ (24) උදෑසන පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී ගම්පොළ පොලීසිය වෙත ඊයේ (24) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී පළා ආ බවයි පොලීසියට පවසා ඇත්තේ.

පැහැරගැනීම සිදුකළ පුද්ගලයින්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි මොහු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ගම්පොළ ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කරන හේමන්ත රාජපක්ෂ නැමති මෙම පුද්ගලයා මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පොළ ඩිපෝවට අයත් බස් රථයක් තුළ දී ඊයේ (24) අලුයම පැහැරගැනීමට ලක්ව තිබුණා.

බස් රථයේ මඟ හරස්කර නැවතූ වෑන් රථයකින් බැස ආ පුද්ගලයින් පිරිසක් බස් රථයට ගොඩ වී මෙම පුද්ගලයාට පහර දී පැහැරගෙන ගිය බවටයි තොරතරු වාර්තා වුණේ.

පැහැරගැනීමට ලක්වූ මෙම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, තමා එම වෑන් රථයෙන් රැගෙන යන අතර තුර තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව විමසූ බවයි.

එම කඩුව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවිකළ බව තමා පැවසීම නිසා ඔවුන් තමාද රැගෙන ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගොස් එම කඩුව ලබාගත් බවයි මෙම තැනැත්තා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ, අතර තුර ඔවුන්ගේ මිදී පළාවිත් නිට්ටඹුව බස් රථයකට නැඟ බේරුණු බව ද ඔහු පොලිසිය වෙත පවසා තිබෙනවා.

මෙම පැහැරගැනීම සඳහා පැමිණි වෑන් රථයේ හයදෙනෙකු සිටි බවත් කාන්තාවක ද ඒ අතර වූ බවට ද පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගැනීම ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර කැළණිය ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සහ කඩුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
3
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?