ලංගම බසයක් තුළ දී පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා යළි ගම්පොළ පොලීසියට ඇවිත් (වීඩියෝ)

ගම්පොළ ප්‍රදේශයේ දී බස් රථයක් තුළ දී ඊයේ (24) උදෑසන පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී ගම්පොළ පොලීසිය වෙත ඊයේ (24) රාත්‍රියේ පැමිණ තිබෙනවා.

කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා පැහැරගත් අයගෙන් මිදී පළා ආ බවයි පොලීසියට පවසා ඇත්තේ.

පැහැරගැනීම සිදුකළ පුද්ගලයින්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි මොහු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ගම්පොළ ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස සේවය කරන හේමන්ත රාජපක්ෂ නැමති මෙම පුද්ගලයා මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පොළ ඩිපෝවට අයත් බස් රථයක් තුළ දී ඊයේ (24) අලුයම පැහැරගැනීමට ලක්ව තිබුණා.

බස් රථයේ මඟ හරස්කර නැවතූ වෑන් රථයකින් බැස ආ පුද්ගලයින් පිරිසක් බස් රථයට ගොඩ වී මෙම පුද්ගලයාට පහර දී පැහැරගෙන ගිය බවටයි තොරතරු වාර්තා වුණේ.

පැහැරගැනීමට ලක්වූ මෙම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, තමා එම වෑන් රථයෙන් රැගෙන යන අතර තුර තමා සතුව තිබූ කඩුවක් පිළිබඳව විමසූ බවයි.

එම කඩුව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවිකළ බව තමා පැවසීම නිසා ඔවුන් තමාද රැගෙන ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගොස් එම කඩුව ලබාගත් බවයි මෙම තැනැත්තා පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඒ, අතර තුර ඔවුන්ගේ මිදී පළාවිත් නිට්ටඹුව බස් රථයකට නැඟ බේරුණු බව ද ඔහු පොලිසිය වෙත පවසා තිබෙනවා.

මෙම පැහැරගැනීම සඳහා පැමිණි වෑන් රථයේ හයදෙනෙකු සිටි බවත් කාන්තාවක ද ඒ අතර වූ බවට ද පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

පැහැරගැනීම ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර කැළණිය ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් සහ කඩුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18