spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම ඩිපෝ මඟින් පුද්ගලික බස්වලට ඉන්ධන දෙන්න බැහැ කියයි – හෙට සිට බස් ධාවනයත් නවතින ලකුණු

දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය හෙට (04) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතරවීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

බස් රථ ධාවනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි පෞද්ගලික බස් හිමියන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත තම දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?